Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති සෝමාවතිය පුදබිම වැඳපුදා ගනී




උදා වූ නව වසරට ආශිර්වාද ලබා ගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (01) උදෑසන ඓතිහාසික සෝමාවතී පුදබිමේ පැවති ආගමික වතාවත් සඳහා එක්වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන් පැවති විශේෂ කප්රුක් පූජාවට ද ජනාධිපතිවරයා සහභාගී වූ බවයි.

මහවැලි හා පරිසර අමාත්‍යංශයේ සේවක වෘත්තීය සමිති සංසදයේ දායකත්වයෙන් පැවති විශේෂ කිරි ආහාර පූජාව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වී තිබෙනවා.

මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ නව වසර වෙනුවෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආශිර්වාද කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි දී ජනාධිපතිවරයා සෝමාවතී පුදබිමට පැමිණ සිටි ජනතාව සමග සුහද කතාබහක ද නිරත වුණා.

polonnaruwa-www-nethnews-lk001 polonnaruwa-www-nethnews-lk002 polonnaruwa-www-nethnews-lk003 polonnaruwa-www-nethnews-lk004 polonnaruwa-www-nethnews-lk005 polonnaruwa-www-nethnews-lk006 polonnaruwa-www-nethnews-lk007 polonnaruwa-www-nethnews-lk008 polonnaruwa-www-nethnews-lk009 polonnaruwa-www-nethnews-lk010 polonnaruwa-www-nethnews-lk011