Friday, April 26, 2024

General line - 0115112241

ක‍්‍රීඩා සංගම් රැසකට දයාසිරිගෙන් රතු එළි




ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රක්ෂණය කිරීම සඳහා ක‍්‍රීඩා සංගම් රැසක් මෙතෙක් ඔවුන්ගේ තොරතුරු ලබා දී නැතැයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ක‍්‍රිඩා සංගම් රැසක ගිණුම් අංකද ලබා දෙන ලෙසට ඉල්ලීම් කළත් ඊටද ප‍්‍රතිචාර දක්වා ඇත්තේ සංගම් කිහිපයක් බවයි ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ.

මෙම ක‍්‍රීඩා සංගම් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කළේ.

2020 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් සංචිත හැකි ඉක්මණින් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇතැයිද ඔහු එහිදී සඳහන් කළා.

2017 වසර සඳහා ක්‍රීඩා දින දර්ශණය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එම උත්සවය පැවැත්වුනේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි.

dayasiri-www-nethnews-lk001 dayasiri-www-nethnews-lk002 dayasiri-www-nethnews-lk003 dayasiri-www-nethnews-lk004 dayasiri-www-nethnews-lk005 dayasiri-www-nethnews-lk006