Friday, April 26, 2024

General line - 0115112241

එජාපයේ බලපෑම් ගැන ඉසුර හෙළිකරයි (VIDEO)




එක්සත් ජාතික පක්ෂය විසින් අධිකරණයට අයථා බලපෑම් කරමින් ඇතැයි බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට ඊයේ (04) රාත්‍රියේ සහභාගි වෙමින්. ආණ්ඩුව විවේචනයට ලක්වන සෙසු චෝදනා පවතින්නේ ද එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් යටතේ වන විෂයන් සම්බන්ධයෙන් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

එක්සත් ජාතික පක්ෂය කෙලෙස කටයුතු කළ ද ආණ්ඩුවේ සැබෑ බලය ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද ඉසුර දේවප‍්‍රිය කියා සිටියා. කෙසේ වෙතත් ආණ්ඩුවේ ආයු කාලය තීරණය කළ හැක්කේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)