Monday, May 6, 2024

General line - 0115112241

මාළේ සහ කටුනායක අතර තවත් සෘජු ගුවන් සේවයක්

ටී.කේ.ජී. කපිල




මාළදිවයිනේ මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර තවත් සෘජු ගුවන් සේවයක් ආරම්භ කර තිබෙනවා.

එහි මංගල ගුවන් ගමන ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ජල ආචාර පවත්වමින් එම ගුවන් යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා.

මාළදිවයිනේ “මෝල්ඩිවියන්ස්” ගුවන් සේවය ආරම්භ කළ එම ගුවන් ගමන් සේවාව සෑම සතියකම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මකයි.