Saturday, April 27, 2024

General line - 0115112241

ආණ්ඩුව පෙරලන්නේ පාර්ලිමේන්තු විපර්යාසයකින්




ආණ්ඩුව වෙනස් කරන්නේ පාර්ලිමේන්තුවේ විපර්යාසයකින් බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ ගම්පහ උඩුගම්පළ ප‍්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

ආණ්ඩුව පෙරළිමටනම් ජනාධිපතිවරයා සහ කතානායකවරයාගේ සහයෝගය නැතිව නොහැකි බවට ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශය නිවාරදි නොවන බවද ඔහු පැවසුවා. මෙම වසරේදී ආණ්ඩුව පෙරලන බවට මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ඉදිරි කාලයේදී සාක්ෂාත් වනු ඇති බව පැවසූ මහාචාර්ය ජී. එල්. පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්නගේ ඉල්ලා අස්වීම හුවා දක්වමින් පැවසුවේ ආණ්ඩුවේ ගඩොලක් දැනටමත් සෙළවී ඇති බවය.

මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග ද අදහස් පල කළා. ජනතාවගේ අපේක්ෂාව වන්නේ ආණ්ඩු පෙරළියක් බව පැවසූ ඔහු පළාත්පාලන ඡන්දය කල් නොදමා සිදුවන්නේ කුමක්දැයි ආණ්ඩුවට බැලිය හැකි බව පැවසුවා.