Friday, April 26, 2024

General line - 0115112241

අද ඇරඹුනේ මහවැලියටත් වඩා විසල් සංවර්ධන ව්‍යාපෘතියක්




උද්ඝෝෂණ සහ විරෝධතා මධ්‍යයේ වුවද දක්ෂිණ සංවර්ධන සැලැස්ම එළි දැක්වීම අද (07) සිදු වුණා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඔහු පැවසුවේ යෝධ සංවර්ධන සංග්‍රාමය හම්බන්තොටින් ඇරඹු බවය. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩු සමයේ ඇරඹු මහවැලි සංවර්ධන ව්‍යාපාරයටත් වඩා විශාල සංවර්ධන වැඩසටහනක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ සමයේ මෙම විශාල සංවර්ධන වැඩසටහන ඇරඹූ බවයි ඔහු අවධාරණය කළේ.

උත්සව සභාව ඇමතූ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ මෙම සංවර්ධන කලාපය හේතුවෙන් බලවත් ආර්ථිකයක් දකුණේ බිහිවන බවයි.

හම්බන්තොට වරාය විකිණීමක් කිසි ලෙසකින්වත් මෙහිදී සිදු නොවන බවයි වරාය අමාත්‍ය අර්ජුන රණතුංග ප‍්‍රකාශ කළේ.

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙම උත්සව සභාව අමතමින් පැවසුවේ මේ කර්මාන්ත ජනපදයෙන් පුරාවස්තු, පන්සල් ගෙවල් දොරවල් විනාශ වෙනබව පවසමින් ජනතාව මුලා කරන බවය. එවැනි කිසිවක් නොවන බවය තමා සක්සුදක්සේ පවසන්නේයැයි ඔහු පැවසුවා.

මෙහි දී අදහස් දැක්වූ චීන සමූහාණ්ඩුවේ ශ‍්‍රී ලංකා තානාපති යී ෂියැන්ග් ලියැන්ග් පැවසුවේ චීන සංවර්ධන කලාපයේ ඉදිරි වසර පහක සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 05 ක ආයෝජනයක් කිරීමට සූදානම් බවයි. නව රැකියා ලක්ෂයක් මෙමගින් බිහිවන බව ද ඔහු කියා සිටියා.