Friday, April 26, 2024

General line - 0115112241

පිස්සු බල්ලො වගෙයි හැසිරිලා තියෙන්නෙ – හම්බන්තොට සිද්ධිය ගැන හිටපු ජනපති කියන කතාව




හම්බන්තොට අද ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අදහස් පල කළා.

“සාමකාමි විරෝධතාවයක් පලකරන්න ස්වාමීන් වහන්සේ ලා වැඩම කළා. ඉඩම් නැතිවෙන ගමේ අය ආවා. ඒ වෙලාවේ ඔවුන්ට පහර දීලා. සමහරු තුවාල වෙලා කොළඹට ගෙනත් තියෙනව. හාමුදුරුවරු දණ ගස්සල තියෙනව. මේ අය පිස්සු බල්ලො වගේ තමයි වැඩ කරල තියෙන්නේ. එ්ක තමයි ඇත්ත කතාව. කොළඹින් මැරයො ගෙනල්ල. බස් පනහකින් ගෙනල්ල තියෙන්නෙ. ඒ අය තමයි දේපල හානි කරල ගමේ අයට මේක පටවන්න ලෑස්ති කරල තියෙන්නේ. මේ ගිවිසුම මොකක්ද කියල දන්නෙ නැහැ. ඒ ගැන එක එක ඒව කියන්නෙ. අපි දන්නෙත් නැහැ මොකක් ද කියල. අත්සන් කරලනම් තියෙන්නෙ ගිවිසුම නීති විරෝධියි. මේව ගැන හොයන්න වෙනව.“

ඔහු මෙම අදහස් පල කළේ මැණික්හින්න වළල රජමහා විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින්.