Friday, April 26, 2024

General line - 0115112241

උසස් පෙළ ලියූ 80 දෙනෙකුගේ ප‍්‍රතිඵල අත්හිටුවයි




2016 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් අසූ දෙනෙකුගේ විභාග ප‍්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, කෝටා ක‍්‍රමය යටතේ දුෂ්කර පළාත්වල සිසුන්ට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේදී ලැබෙන වරප‍්‍රසාද සැළකිල්ලට ගනිමින් නියමිත ප‍්‍රදේශවලින් වෙනුවට දුෂ්කර පළාත්වලින් විභාගවලට පෙනී සිටීම හේතුවෙන්.

2016 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ලද පැමිණිලි අනුව සිදු කළ මූලික විමර්ශන අනුව ප‍්‍රතිඵල අත්හිටුවා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.