Friday, April 26, 2024

General line - 0115112241

“ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා – 2020 ජනාධිපතිවරණයක් නැහැ”




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2020 ජනාධිපතිවරණයේදී ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට ඇතැම් අය ප‍්‍රකාශ කළත් 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ඒකට තමයි මේ ව්‍යවස්ථාව ගේන්නෙ. මේකෙන් ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා. පැහැදිළිවම ඒක තමයි ජනවාරි 08 වැනිදා පොරොන්දුව. ජනාධිපතිතුමා සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේ ලබා දුන් පොරොන්දුවත් ඒක තමයි. ඒක තමයි ජනාධිපතිතුමා දරණ ස්ථාවරය. මම ඔහුගේ ස්ථාවරය හොඳින්ම දන්නවා. ජනාධිපතිවරණයක් නැතිව අපේක්ෂකත්වයක් එන්නෙ නැහැනේ.” යනුවෙනි.

මේ අතර කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවට ස්ථාවරයක පිහිටා සිටින බවයි.