Friday, April 26, 2024

General line - 0115112241

AH1N1 නිසා මහනුවර රෝහලේ වෙනම වාට්ටුවක්




ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන්. ආසාධිතයින් වෙනුවෙන් මහනුවර මහරෝහලේ වෙනම වාට්ටුවක් සකස් කර තිබෙනවා.

එම වෛරසය ආසාධනය වූ රෝගීන් තුන් දෙනෙකු මහනුවර මහරෝහලේදී ඉකුත් දා මියගියා. ඒ අනුව තවත් ආසාධිතයින් වාර්තා වනු ඇතැයි සැකයෙන් පූර්ව සූදානමක් ලෙස මෙලෙස වෙනම වාට්ටුවක් සකස් කළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක කියා සිටියා.

ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන්. ආසාධනය විය හැකි සහ එවැනි ආසාධනයකින් වඩාත් තර්ජනයට ලක්විය හැකි විශේෂිත කාණ්ඩ කිහිපයක් ද හඳුනාගෙන තිබෙනවා.

වෛද්‍ය සමන් රත්නායක ඒ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ රෝගීන්ට, කුඩා දරුවන්ට, ගර්භණී මව්වරුන්ට මෙම රෝගයෙන් දැඩි අවධානමක් ඇති බවයි.

ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන්. ආසාධනය වූ බවට සැක කරන්නන් පරීක්ෂා කිරීම සඳහා මහනුවර මහරෝහලේ බාහිර රෝගී අංශයේ ද වෙනම කොටසක් වෙන්කර ඇතැයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

11-01-2016 K andy hospitel (3) 11-01-2016 K andy hospitel (4)_1 00046 00048 00049 00107