Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම ලකුණු 426කට සීමා වෙයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක‍්‍රීඩා කළ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 426කට දැවී ගියා.

මුල් පෙළ පිතිකරුවන් ඉහළ දක්ෂතා දැක්වුව ද දකුණු අප‍්‍රිකානු පසුපෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට නුවන් ප‍්‍රදීප් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ජේ.පී. ඩුමිනි ලකුණු 155ක් රැස්කළ අතර 100වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයට ක‍්‍රීඩා කළ හෂීම් අම්ලා ලකුණු 134කට දැවී ගියා.

ජේ.පී. ඩුමිනි දැවී යන විට දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම දැක්වුණේ කඩුලු 3කට ලකුණු 337ක් ලෙසයි. සෙසු පිතිකරුවන් හත්දෙනා ලකුණු 89ක් තුළ දැවී යාම විශේෂත්වයක්.

257590 257591 257592