Saturday, April 27, 2024

General line - 0115112241

ත‍්‍රීරෝද රථ රියදුරන්ට නියෝග 14ක් – ගැසට් නිවේදනය මෙන්න




පුද්ගලයින් සහ භාණ්ඩ ප‍්‍රවාහනය කරන ත‍්‍රීරෝද රථවලට ගාස්තු මීටරය අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2017 ජනවාරි මස 9වෙනි දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2017 අංක 1 දරන මෝටර් වාහන නියෝග ලෙසටයි.

ඒ අනුව කුලියට තැනැත්තන් හෝ භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම සඳහා හෝ අන්‍යාකාරයකින් ත‍්‍රීරෝද රථයක් භාවිත කරන සෑම ත‍්‍රීරෝද රථ අයිතිකරුවෙකු විසින් ටැක්සි මීටරයක් එහි සවි කිරීම අනිවාර්යය බව එම නියෝගයන් හි ඇතුළත්.

ගාස්තු ගෙවීමෙන් පසු රිසිට් පතක් නිකුත් කිරීම ද ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ වගකීමක් වන බව එම නියෝගයන් හි ඇතුළත්.

අදාළ රිසිට් පතෙහි ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව සහ ලබාගත් දිනය යන විස්තර ද ඇතුළත් විය යුතුයි.

මීට අමතරව ත‍්‍රීරෝද රථයේ දකුණු පස දොරටුව අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් වසා තැබීම සහ එම දොරටුවෙන් මගීන් ඇතුළු කිරීම සහ පිට කිරීම තහනම් කිරීම ඇතුළු නියෝග 14ක් ඊට ඇතුළත් වනවා.

2001-02_S-1 2001-02_S-2 2001-02_S-3