Saturday, April 27, 2024

General line - 0115112241

රුසියානු සයිබර් ප්‍රහාර ගැන අමෙරිකාවෙන් පරීක්ෂණයක්




ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට රුසියානු සයිබර් ප්‍රහාරවලින් බලපෑමක් ඇති වූයේ ද යන්න පිළිබද අමෙරිකානු සෙනෙට් මණ්ඩලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

රුසියාව සහ අමෙරිකානු දේශපාලනඥයින් අතර ජනාධිපතිවරණ සමයේ කිසියම් සබඳතාවක් පැවතියේද යන්න සොයා බැලීම එහි අරමුණ වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

රුසියානු සයිබර් ප්‍රහාර මගින් අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසිදායක තත්ත්වයක් ඇති වූ බවට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් එම චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රතික්ෂේප කළා.