Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව දෙවන ඉණිමටත් පන්දුවට පහරදීම අරඹයි




දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිය දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවට පහරදීම ශ‍්‍රී ලංකා පිල මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ කළා. ඒ, ශ‍්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 131කට සීමා වීම හේතුවෙන්.

ශ‍්‍රී ලංකා පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කුසල් මෙන්ඩිස්. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 41 ක්.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාව පසුකර යාමට හැකිවුණේ නැහැ. වර්නන් ෆිලෙන්ඩර් ලකුණු 28කට කඩුලු 03 ක් බිඳ හෙළු අතර කගිසෝ රබාඩා ලකුණු 44 කට කඩුලු 03ක් බිඳ හෙළුවා.

ඒ අනුව ලකුණු 295 ක් පිටුපසින් සිට පිට පිට දෙවන ඉණිම ඇරඹු ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 13 ක් රැස්කර ගෙන සිටියා. කෞෂාල් සිල්වා ලකුණු නොලබා දැවී ගියා.