Friday, April 26, 2024

General line - 0115112241

තද සුළඟකින් කොරලවැල්ලේ නිවාස 30කට හානි




තද සුළං තත්ත්වයක් හේතුවෙන් මොරටුව කොරලවැල්ල ප‍්‍රදේශයේ නිවාස 30කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ එම සුළං තත්ත්වය හේතුවෙන් වාහනවලට දැඩි හානී සිදුවී ඇති බවයි.

මේ අතර දිවයිනේ ප‍්‍රදේශ රැසකට සහ මධ්‍යම කඳුකරයේ ස්ථාන රැසකට අද (15) පස්වරුවේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.