Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ ගොන් පොර තහනමට එරෙහිව ලංකාවේ උද්ඝෝෂණ (PHOTOS)




ජල්ලිකට්ටු නමින් ඉන්දියාවේ හැදින්වෙන ගොන් පොර කී‍්‍රඩාව තමිල්නාඩු ප‍්‍රාන්තයේ තහනම් කිරීමට විරෝධය පළ කරමින් ති‍්‍රකුණාමලය සහ හැටන් නගරයේ අද (22) උද්ඝෝෂණ පැවැත්වුණා.

ජල්ලිකට්ටු හෙවත් ගොන් පොර කී‍්‍රඩාව තෛයිපොංගල් දිනයට පසු දින පවත්වන වන හින්දු ජනතාවගේ සාම්ප‍්‍රදායික කි‍්‍රඩාවක්.

එහිදී ගොනුන් කුලප්පු කර ගොනුන් සමග බොරබැද එම සතුන් මෙල්ල කිරීම මෙම කී‍්‍රඩාවේදී සිදුවනවා. එහිදී ඇතැම් පුද්ගලයින් ජීවිතක්‍ෂයටද පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ සත්ව හිංසනයට එරෙහි සංවිධාන කිහිපයක් ගොණුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එරට මහාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළා.

අද දිනයේ මෙරට පැවති උද්ඝෝෂණවලට එක්වූවන් පවසන්නේ මෙම කී‍්‍රඩාව සත්ව හිංසනයක් නොව පාරම්පරික ජන කී‍්‍රඩාවක් බවයි.

එබැවින් කී‍්‍රඩාව තහනම් කරමින් පැනවූ නියෝගය ඉවත් කරන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

Hatton www.nethnews.lk001 Hatton www.nethnews.lk002 Hatton www.nethnews.lk003 Hatton www.nethnews.lk004 Hatton www.nethnews.lk005 Hatton www.nethnews.lk006 Hatton www.nethnews.lk007 Hatton www.nethnews.lk008