Friday, April 26, 2024

General line - 0115112241

සුසිල් රහසක් හෙළි කරයි




පසුගිය මහමැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු ලේඛණයට අත්සන් තැබුවේ අකමැත්තෙන් බව එහි හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පවසනවා.

බත්තරමුල්ල ප‍්‍රදේශයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කළා.

“අගෝස්තු 17 මැතිවරණය තිබ්බා, දින 14යි තිබුනේ, මම ලංකාවෙත් හිටියේ නැහැ. හැබැයි දවස් තුනෙන් මම ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණ මෙහෙයුමේ නායකයා බවට පත්කරලා සියලුදෙනා බුලත් කොලේට අරගෙන අපි 95ක් ගත්තා. 95න් 82ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. එක්සත් ජාතික පක්ෂය ඉල්ලුවේ පෙරමුණ හැටියට. ඒකට 106ක් ආවා. 24ක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ නොවන මන්ත්‍රීවරු. පක්ෂ හැටියට ගත්තොත් පාර්ලිමේන්තුවේ අද තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 82යි , එක්සත් ජාතික පක්ෂයෙම කියන අය 82යි. දැන් මැතිවරණය තිබ්බා , මාව තහනම් කරලා , මම කිවුවා මම උසාවි යනවා , මොකක්ද මට දුන්න උපදේශය, ඔය සන්ධාන නායකයෝ හිටියා. උසාවි ගිහිල්ලා වැඩක් නැහැ දැන් අපි පැරදිලා තියෙන්නේ ඒ ගොල්ලෝ දිනලා තියෙන්නේ. ඒක හින්දා මැතිවරණ කොමසාරිස් ගාව ගිහිල්ලා කතාකරන්නැයි කියලා මාවයි දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාටයි යන්නැයි කිවුවා. අපි ගියා යනකොට සන්ධානයේ විධායක සභාවේ සංයුතිය පවා වෙනස් කරලා තිබුනේ. මාව තහනම් කරලා තියෙනකොට මට අත්සන් කරලා යවන්න බැහැ. මම අත්සන් කරලා යවන ලේඛණය උසාවි දැම්මොත් උසාවියෙන් මට නඩු දාන්න පුළුවන් උසාවියට අපහාස කිරීම මොකද උසාවි නියෝගය නොතැකීම. දැන් අහයි එහෙනම් දැන් යවපු එක භාරගත්තේ කොහොමද ? හදපු ලේඛණය මට අත්සන් කරන්න කිවුවා මම ඉතා අකමැත්තෙන් කරන්න දෙයක් නැහැ පක්ෂයේ නායකයා , රටේ නායකයා අනිත් අය කිවුවට පස්සේ උසාවියෙන් අවසර ගත්තා මේ ලේඛණයට විතරක් අත්සන වලංගුයි කියලා. ඒ නිසා තමයි කොමසාරිත්තුමා පිළිගත්තේ. දැන් මම මොකක්ද කලේ හිතට එකඟ නැති නිසා මම ඉල්ලා අස්වුණා. මම ඒක මෙතෙක් කිවුවේ නැහැ අද මේ කිවුවේ ඒ වෙච්ච සිදුවීම”.