Friday, April 26, 2024

General line - 0115112241

ජනපති කොමිසම නිසා බැඳුම්කර දූෂිතයින් ආරක්ෂාවේදැයි සැකයක්




මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනපති කොමිසමක් පත් කිරීම හරහා සිදු වන්නේ හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය දියාරු කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පෙන්වා දෙන්නේ ඩිව් ගුණසේකර මන්ත‍්‍රීවරයාගේ කෝප් වාර්තාව ඉදිරිපත් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළාසේම මෙවර ද පාර්ලිමේන්තු විවාදයට පෙර විශේෂ ජනපති කොමිසමක් පත්කර ඇති බවයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජනතා විමුක්ති පෙරමුණෙන් ද විමසීමක් කළා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස සඳහන් කළේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් වාර්තාවක් නිකුත් කර ඇති අවස්ථාවක ජනපති කොමිසමක් පත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.