Friday, April 26, 2024

General line - 0115112241

හෙට දුම්රිය ප්‍රමාද වෙයි ලු




අද (23) මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීමේ කි‍්‍රයාමාර්ගයක නිරත වනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම කි‍්‍රයාමාර්ගය ගත් බවයි ඔවුන් පවසන්නේ.

හෙට දිනයේ දුම්රිය ප‍්‍රමාදයන් සිදුවිය හැකි බවද ඔවුන් අවධාරණය කළා.

කෙසේවෙතත් දුම්රිය රියදුරන් ගත් මෙම කි‍්‍රයාමාර්ගය පිළිබඳ තමන්ව මෙතෙක් දැනුවත් කර නොමැති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න පැවසුවේ.