Saturday, April 27, 2024

General line - 0115112241

මැතිව්ස් නැති තරගය ගැන චන්දිමාල් කතා කරයි




ඇන්ජලෝ මැතිව්ස් නොමැති වීම දකුණු අප‍්‍රිකාව සමග අද (25) පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට පාඩුවක් බව දිනේෂ් චන්දිමාල් පවසනවා.

කෙසේ වෙතත් මෙම තරගය ජයගැනීම සඳහා කණ්ඩායමේ සෙසු සියලුම ක‍්‍රීඩකයින් උපරිම ජවයෙන් ක‍්‍රීඩා කරනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් විවේක ගන්වා තිබෙනවා.

ඒ අනුව අද තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසින්.

මෙම තරගය ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් රාත‍්‍රී 9.30ට පමණ ආරම්භ වනවා.