Friday, April 26, 2024

General line - 0115112241

විගණකාධිපතිට එරෙහි යෝජනාවක් මැතිසබයට ගෙන ඒමේ සූදානමක්




විගණකාධිපතිවරයාට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කල් තැබීමේ යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

එම යෝජනාව බොහෝ දුරට අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

මෙම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දිනයේ සාකච්ඡාවක් පවත්වා ඇති බවට ද වාර්තා වනවා.

මේ අතර මහ බැංකු බැදුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට පටහැනිව සකසා ඇති බවට ලෝක බැංකුව විසින් දැනුම් දී ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසූ බව ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණා.