Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රියංකරට තවත් තනතුරක් අහිමි වෙයි




පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රියංකර ජයරත්න වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ ජනාධිපති ලේකම්  පී. බී. අබේකෝන්ගේ අත්සනින් යුතු ලිපියක් හරහා මෙය දැනුම් දී ඇති බවයි.

පුත්තලම දිස්ත‍්‍රික් ලේකම්වරයාට ද අදාළ ලිපියේ පිටපතක් යොමුකර තිබෙනවා. 2010 වසරේ සිට පුත්තලම, දිස්ත‍්‍රිත් සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දැරූ ප‍්‍රියංකර ජයරත්න යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එහි සම සභාපති ලෙස පත් කෙරුණා.

දෙසැම්බර් තිස්වැනිදා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ ප‍්‍රියංකර ජයරත්න ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තා. ප‍්‍රියංකර ජයරත්න වෙනුවෙන් පුත්තලම, දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත්කර නැහැ.