Saturday, April 27, 2024

General line - 0115112241

ඩෙංගු නඩුවෙන් ඉහළම දඩය කයි




වේරහැර කොතලාවල ආරක්ෂක පීඨයට අයත් රෝහල් පරිශ‍්‍රයේ ඩෙංගු මදුරුවන් බෝ වන ආකාරයෙන් ඉදිකිරීම් සිදුකළ චීන සමාගමකට එරෙහිව රුපියල් පනස් දහසක දඩයක් නියම කර තිබෙනවා.

ඒ, ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.

බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර පැවසුවේ මීට පෙර නිවේදන නිකුත් කළත් අදාළ චීන සමාගම ඒ පිළිබඳ සැලකිලිමත් නොවූ බවයි.

මෙරට ඩෙංගු නඩුවක් සඳහා නියම කළ ඉහළම දඩය මෙය බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.