Saturday, April 27, 2024

General line - 0115112241

රණ විරුවන් විකුණා සල්ලි ගරන ජාවාරමක්! අහුවෙන්න එපා! අධිකාරියෙන් අවවාදයක්!




රණවිරු සේවා අධිකාරියේ ‘රණවිරු සෙවණ’ නම් නිවාස ව්‍යාපෘතියක් සඳහා බව පවසමින් ව්‍යාජ ලේඛන සකසා මුදල් එකතු කළ පුද්ගලයෙකු පාදුක්කේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි පොලිසිය මෙම විමර්ශනය සිදුකළේ.

සිය කිසිදු ව්‍යාපෘතියක් සඳහා මෙලෙස මහජන මුදල් එකතු නොකරන බව රණවිරු සේවා අධිකාරිය අවධාරණය කරනවා. ඒ අනුව රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘතීන් සඳහා බව පවසමින් මුදල් එකතු කරන තැනැත්තන්ට නොරැවටෙන ලෙසයි ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.