Friday, April 26, 2024

General line - 0115112241

මාලිංග සුවය ලැබුවත් බෝලේ ක්‍රිකට් බලධාරීන් අතේ




වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සාමාජික මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මාලිංග ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියට එක් කරනවාද නැද්ද යන්න තීරණය ශී‍්‍ර ලංකාව කි‍්‍රකට් ආයතනය සතු බවයි.

ලසිත් මාලිංග ඉකුත්දා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කී‍්‍රඩකයින් තෝරා ගැනෙන පුහුණු සැසියකටද එක් වුණා.

එ් සඳහා ඔහු රැගෙන යාමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මූකේෂ් අම්බානි විසින් එවූ විශේෂ ගුවන් යානයක්ද රත්මලාන ගුවන් තොටුපොළ වෙත ඉකුත්දා පැමිණියා.

ලසිත් මාලිංග අවසන් වරට අන්තර් ජාතික කි‍්‍රකට් තරගයක් සඳහා සහභාගි වූයේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදීයි. එ් බංග්ලාදේශයේ පැවති පන්දුවාර විස්ස ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහායි.