Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවේදී නිපුන් සුපිරි පන්දු යැවීමක




දකුණු අපිි‍්‍රකාවේදී යළි සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ශී‍්‍ර ලංකාවට විශිෂ්ට එක්දින ජයක් අත්කර දීමට ශී‍්‍ර ලංකා යොවුන් කි‍්‍රකට් පිලේ වේග පන්දු යවන කී‍්‍රඩක නිපුන් රන්සික ඊයේ (05) සමත් වුණා.

නිපුන් රන්සිකගේ සුපිරි පන්දු යැවීම හමුවේ සත්කාරක දකුණු අපි‍්‍රකානු යොවුන් කණ්ඩාමේ පිළිතුරු ඉනිම ලකුණු 75කට සීමාවීම විශේෂත්වයක්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 228 ක් රැස් කිරීමට සමත් වුණා.

දකුණු අපි‍්‍රකානු යොවුන් පිලේ පිළිතුරු ඉනිම සුනු විසුනු කළ නිපුන් රන්සික සිය පන්දුවාර 10දී නිලකුණු පන්දුවාරයක් සමගින් ලකුණු 24 කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

කෙසේ වෙතත් තරග 3 කින් සමන්විත ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා යොවුන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ 2 ට 1 ක් ලෙස ජය හිමි වූයේ දකුණු අපි‍්‍රකානු යොවුන් කණ්ඩායමටයි.

නිපුන් රන්සිකගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ඉකුත්දා දකුණු අපි‍්‍රකාවේ පැවති යොවුන් තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමටද ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.