Saturday, April 27, 2024

General line - 0115112241

කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න රටවල් 10ක් ශ්‍රී ලංකාවේදී තරග බිමේ




2017 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද ආරම්භ වනවා.

ඊට මෙවර සත්කාරකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකාවයි. රටවල් 10ක සහභාගිත්වයෙන් පැවත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් තරග වදිනවා.

ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්ත කණ්ඩායම් ද ඒ කාණ්ඩයට ඇතුළත්.

එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතව තිඛෙනවා.

තරගාවලිය සඳහා සිය කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර ප්‍රේක්ෂකයන්නේ ඉල්ලා සිටියේ තරග නැරඹීමට පැමිණීමෙන් සහය දක්වන ලෙසයි

එංගලන්තයේ පැවැත්වීමට නියමිත මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සෙදහා මේ වනවිට ඕස්ට්‍රේලියාව එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය සුදුසුකම් ලබා සිටිනවා.

544545