Friday, April 26, 2024

General line - 0115112241

ගෘහස්ථ පරිභෝජනයේදී පොල් ගෙඩියෙන් සියයට 40ක් අපතේ




වෙළෙඳපොළේ මේ දිනවල ඉහළ ගොස් ඇති පොල් මිල සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් මාස 3ක් පමණ ගතවනු ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. 

මේ දිනවල පොල් ගෙඩියක මිල සාමාන්‍ය වෙළෙඳපොළේදී අලෙවි වන්නේ රුපියල් 70ත් 80ත් අතර මිලකටයි. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවලගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පැවසුවේ මෙම කන්නයේ ඵලදාව අඩුවීම මෙසේ මිල ඉහළ යාමට හේතුව වී ඇති බවයි.

ගෘහස්ථව පොල් පරිභෝජනයේදී පොල් ගෙඩියකින් සියයට 40ක් පමණ අපතේ යන බව පොර් පර්යේෂණායතනය සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

බොහෝ ගෘහණියන් පොල්ගෙඩිය මිරිකා පොල් රොඩු කොටස ඉවත දැමීමට හුරුවී ඇති බවත් මෙසේ ඉවත් කිරීමේදී පොල් ගෙඩියක සියයට 40ක් පමණ අපතේ යන බවද ඔහු පැවසීය.