Saturday, April 27, 2024

General line - 0115112241

SAITM ප්‍රශ්නයට විද්වත් කමිටුව උත්තරයක් නෙවෙයි




සයිටම් ආයතනය සම්බන්ධයෙන් විමසා බැලීමට විද්වත් කමිටුවක් දැන් පත්කිරීමෙන් පලක් නොමැති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. කොළඹ අද (11)  පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ මීට පෙරද මෙවැනි විද්වත් කමිටු පත්කර නිර්දේශ ලබාගෙන ඇති බවයි. 

සයිටම් ආයනය සම්බන්ධයෙන් තමන්ටද සාකච්ඡාවක් ලබාදෙන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අද ලිඛිතව ඉල්ලා සිටි බවද ලහිරු වීරසේකර මෙහිදී කියාසිටියා. ඒ සදහා කඩිනම් ප‍්‍රතිචාරයක් අපේක්‍ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

කුමන තත්ත්වයක් යටතේ වුවද සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය කි‍්‍රයාත්මක කිරීමට සියළු පාර්ශව බැදී සිටින බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා.

එසේ නොකලහොත් එය අධිකරණයට අපහාස කිරීමක් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.