Friday, April 26, 2024

General line - 0115112241

රුවන්වැලි මහ සෑ රදුන් වටා වැලි අතුරයි




වසර 2000 කට අධික කාලයකින් පසු ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් වටා පිහිටි වැලි මළුව සංරක්ෂණය කර වැලි ඇතිරීම අද (12) සිදු කෙරෙනවා.

ඒ, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියකට අනුවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළේ වැලි මළුව නිසි ප්‍රතිසංස්කරණයකට ලක් නොකිරීම නිසා බැතිමතුන්ට මෙතෙක් කල් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වූ බවයි. 
 

මේ අතර දඹුල්ල රජමහ විහාරස්ථානයේ ඇති ලෙන් සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 09 ක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා වෙන් කර තිබෙනවා.

එම කටයුතු ද ඊයේ (11) දිනයේ ආරම්භ කෙරුණු බවයි මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.