Saturday, April 27, 2024

General line - 0115112241

සයිටම් විරෝධී අන්තරේ පෙළපාළි පහ කොළඹට ළං වෙයි. 




සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ස්ථාන 5ක සිට ආරම්භ කළ විරෝධතා රථ පෙළපාළිය කොළඹ නගරයට ආසන්න වී තිබෙනවා.

එක් රථ පෙළපාළියක් ගමන් ආරම්භ කළේ අනුරාධපුර නගරයේ සිටයි. අනෙක් පෙළපාළිය රත්නපුර නගරයෙන් ද තවත් පෙළපාළියක් මහනුවර නගරයෙන් ද ආරම්භ වුණා.

කුලියාපිටිය නගරයෙන් සහ කරාපිටිය නගරයෙන් ද ආරම්භ කරන ලද රථ පෙළපාළි තව නොබෝ වේලාවකින් කොළඹ නගරයට පැමිණෙනු ඇති. ඔවුන් මෙම රථ පෙළපාළි ආරම්භ කළේ ඉකුත් 15 වෙනිදායි.

අද පස්වරුවේ මෙම සියලූ රථ පෙළපාළි කොළඹ කොටුවට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.