Saturday, April 27, 2024

General line - 0115112241

සහල්වලට පාලන මිල දෙකක් නියම කිරීමට එරෙහිව පාරිභෝගිකයෝ නඩු යාමට සැරසෙති




දේශීය සහ ආනයනික සහල් සදහා පාලන මිල දෙකක් වෙන වෙනම ප්‍රකාශයට පත් කිරීම අසාධාරණ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. 

මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණේ සියලූ වර්ගවල සහල් සදහා පොදු පාලන මිලක්. 

කෙසේ වෙතත් අද සිට බලාත්මක වන පරිදි දේශීය සහ ආනයනික සහල් සදහා වෙන වෙනම පාලන මිල නියම කර තිඛෙනවා. 

මේ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් සූදානම් බවයි ඔහු කියා සිටියේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මරදගහමුල සහල් නිෂ්පාදන සංගමයෙන් ද විමසීමක් කළා. 

එහි සභාපති බී. කේ. රංජිත් පැවසුවේ දේශීය සහ ආනයනික සහල් සදහා පොදු පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රායෝගික නොවන බවයි. 

මේ නිසා වෙන වෙනම පාලන මිල දෙකක් නියම කිරීම යහපත් පියවරක් බව ඔහු පෙන්වා දුන්නා. 

අද සිට බලාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇති පාලන මිලට අනුව ආනයනික කැකුළු සහල් සදහා උපරිම මිල රුපියල් 70ක් ද, දේශීය කැකුළු සහල් සදහා උපරිම මිල රුපියල් 78ක් ද වනවා.