Friday, April 26, 2024

General line - 0115112241

මන්නාරමේදී දැව ජාවාරම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට




මන්නාරම කරදක්කුලි ප්‍රදේශයේ නීතිවිරෝධී දැව ජාවාරම්වල නිරත වූ සැකකරුවන් තිදෙනෙකු සිලාවතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් නාවික කඳවුරේ නිලධාරීන් සමග එක්ව පොලිසිය සිදුකළ මෙහෙයුමකදීයි. දැව ජාවාරම්කරුවන් කපා දැමූ පලූ ගස් තුනක් සඳහ ඒ සහා යොදාගත් ආම්පන්න ද මෙහිදී පොලිස් භාරයට ගැනුණා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම මෙහෙයුමට එක්ව තිබෙනවා.