Friday, April 26, 2024

General line - 0115112241

බෝට්ටුව පෙරළීමෙන් මිය ගිය පිරිස ඉහළ යයි (UPDATE)




බේරුවල සිට කලුතර දක්වා අගමික උත්සවයක් සඳහා ගමන් කරමින් තිබූ බෝට්ටු පෙළකින් එක් බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මිය ගිය පිරිස වැඩි වී ඇති බව වාර්තා වෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මිය ගිය පිරිස 10 ක් දක්වා වැඩි වී ඇති බවයි. මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන්ද ඇතුළත් බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ අයෙකු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

--------------------------------------------------------

බෝට්ටුවක් පෙරළී 05 ක් මරුට

(19-02-2017 12:54)

අද (19) උදෑසන බේරුවලින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති එක් අයෙක් කාන්තාවක් බවයි වාර්තා වෙන්නේ.

තවත් පිරිසක් අතුරුදන් වී ඇති බවත් සඳහන්.