Friday, April 26, 2024

General line - 0115112241

"අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක්" - මහින්දගෙන් විශේෂ නිවේදනයක් 




පිළිගත් ක‍්‍රමවේදයෙන් පිට මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ලවී ඇතැයි හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

 

ඔහු කියා සිටියේ මඩකලපුවේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ රාමනාදන් කන්නන් ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරනු ලැබ ඇති බවයි. 

 

ඊට අධිකරණ සේවා සංගමයද විරෝධය පළ කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

 

මෙම නව පත් කිරීම සිදුකර ඇත්තේ වසර 16කට වඩා වැඩි අත්දැකීම් සහිත විනිසුරුවරුන් හා නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද නොසලකා හරිමින් බව එහි තවදුරටත් සඳහන්. 

 

දෙමළ කතා කරන විනිසුරුවරයෙකු පත් කිරීමට අවශ්‍ය වූයේ නම් මීට වඩා සුදුසු පුද්ගලයෙකු සිටි බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

 

නව පත් කිරීම් සිදුකර ඇත්තේ දේශපාලන පක්ෂයක නිර්දේශයකට අනුව බවටද තොරතුරු ලැබී ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.