Friday, April 26, 2024

General line - 0115112241

ණය ගැන 'අගමැති' රටට කියයි 




ඉකුත් ආණ්ඩුව සමයේ  ලබාගත් ණය ගෙවීමේ වගකීම පැවරී ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

 

අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ 2026 වර්ෂය වන තෙක් මෙම ණය ගෙවීමට ආණ්ඩුවට සිදුව ඇති බවයි.  

 

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අරනායක සාමසර කන්ද නායයාමෙන් විපතට පත්ව නිවාස අහිමිවූ පවුල් 20ක් වෙනුවෙන් නව නිවාස ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින්. 

 

මෙම ණය ගෙවමින් රට සංවර්ධනය කිරීමේ අභියෝගයකට මුහුණදීමට ආණ්ඩුව මේ වන විට සාකච්ඡා කරමින්  සිිටින බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා.