Friday, April 26, 2024

General line - 0115112241

නවක වධ සිද්ධියකට පේරාදෙණිය සරසවියේ සිසුන් 15ක් අත්අඩංගුවට




නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 15 දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. 

පොලිසිය පැවසුවේ ඔවුන් සියලූ දෙනා එම විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන්නන් බවයි.

විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ නවක සිසුන් පිරිසකට නවක වධය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගැණුනා. 

ඔවුන් අද අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.