Friday, April 26, 2024

General line - 0115112241

"ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත් වැරදියි"




ආණ්ඩුවේ වැරදි ආර්ථික පිළිවෙත් හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ආයෝජකයින් දිනෙන් දිනම අධෛර්ය වෙමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේ මේ වන විට නීතියේ ආධිපත්‍ය පිළිබඳ දර්ශකය, රටේ දූෂණය මැන බලන දර්ශකය, ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය, රටක අවධානම  පිළිබඳ දර්ශකය කඩා වැටී ඇති බවයි.

ශ‍්‍රී ලංකාව ණය උගුලක සිරකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට ආණ්ඩුව කරන ප‍්‍රකාශ අසත්‍ය ඒවා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ණය බරින් ජනතාව පීඩාවට පත්කරන්නේ වත්මන් ආණ්ඩුව බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.