Saturday, April 27, 2024

General line - 0115112241

ලංකාව - ඉන්දියාව - පාකිස්ථානය කුසලානයට සුදුසුකම් ලබයි




2017 අයි.සී.සී. ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ, අද (21) පැවති අවසන් මහා තරගයේදී දකුණු අප‍්‍රිකාව එක් කඩුල්ලකින් පරාජය කරමින්.

කොළඹ පී. සරා  ඕවල් ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව ලකුණු 244 යි. ඉන්දීය කණ්ඩායම සිය ඉනිමේ අවසන් පන්දුවේදී එම ලකුණු සංඛ්‍යාව පසුකර ගියා. 

2017 අයි.සී.සී. ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය ද සමත්ව සිටිනවා.