Friday, April 26, 2024

General line - 0115112241

වනඅලි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා රෝහලට ගෙනියන්න කවුරුත් නැහැ - පැයක් මහපාරේ වේදනාවිඳී (PHOTOS)




අද අලුයම වනඅලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා මහපාරේ වැතිරී සිටි පුද්ගලයකු වේදනාවෙන් පීඩා විඳිද්දී ඒ අසළින් ගිය කිසිවෙකුත් ඔහුව රෝහල් ගත කරන්නට ඉදිරිපත් නොවූ පුවතක් දඹුල්ලෙන් වාර්තා වුණා.

එම මාර්ගය අසළින් ගිය බොහෝ වාහන හිමියන් තුවාලකරුවාව සිය වාහනයේ නංවා ගැනීමට අකමැති වූ බවයි ඒ අසළ රැඳී සිටි ගම්වාසීන් සඳහන් කළේ.

දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයේ 13 වැනි කනුව අසල මාර්ගයේ ගමන් කරමින් සිටි  මෙම පුද්ගලයා  වනඅලියකු පහරදීමෙන් බරපතල තුවාල ලබා මාර්ගයේ වැටි සිටියා.

පැයක පමණ කාලයකින් පසු වෙනත් ගමනක් යමින් සිට ඒ අසළට පැමිණි දඹුල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරි රථයක් නවතා මිනිස් ජිවිතයක වටිනාකම කියාදී තුවාලකරු දඹුල්ල රෝහලට යැවීමට කටයුතු කළා.