Saturday, April 27, 2024

General line - 0115112241

නාවික හමුදා රිය දරුවාට මරු කැඳවයි




නාවික හමුදා මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන්ගත් 12 හැවිරිදි සිසුවෙකු මියගිය පුවතක් කහටගස්දිගිලිය ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (05) අලුයම සිදු වූ මෙම අනතුරෙන් යතුරුපැදිය පැද වූ දරුවාගේ මව ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාවට අයත් මෝටර් රථය යතුරුපැදිය පසුකර යාමට උත්සහ කළ අවස්ථාවේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිසුවා තම්මැන්නාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුර මහ රෝහලට මාරුකර යැවුණා. ඒ අතරතුර ඔහු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ මැදවච්චියේ පදිංචි ශෂික පියුමාල් නමැති සිසුවෙක්.