Friday, April 26, 2024

General line - 0115112241

ගුරුසිංහ මව්බිමේ සිට මාධ්‍ය අමතයි 




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමග යළි සම්බන්ධවීමට ලැබීම ඉතා වටිනා අවස්ථාවක් බව කණ්ඩායමේ නව කළමණාකරු අසංක ගුරුසිංහ පවසනවා. 

තම අරමුණ 2019 ලෝක කුසලානය බවද ගුරුසිංහ ප‍්‍රකාශ කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නව කළමණාකරු ලෙස පත් වූ අසංක ගුරුසිංහ  ඕස්ටේ‍්‍රලියාවේ සිට මෙරටට පැමිණියේ අද (5)දිනයේයි. 

නව තනතුරට පත්වීමෙන් පසු ගුරුසිංහ සහභාගි වූ පළමු මාධ්‍ය හමුවද මෙයයි.

මේ අතර ඔහුගේ කළමණාකාරිත්වය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට ආරම්භ වනවා.

 ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. 

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෙට පැවැත්වෙනවා.