Saturday, April 27, 2024

General line - 0115112241

වකුගඩු රෝගයේ අලුත්ම තත්ත්වය පහදයි




වකුගඩු රෝගය පැතිරීමේ වේගය අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ එය මර්දනය කර ගැනීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.  ඒ සදහා වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහන්ද කි‍්‍රයාත්මකයි.

රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන දිවයිනපුරා පිහිටුවා ඇති අතර ඒ සඳහා අවශ්‍ය උපකරණ දහසකට වැඩි ප‍්‍රමාණයක් ලබාදීමට කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාවරයා පෙන්වා දෙන්නේ. දැනට නිදන්ගත වකුගඩු රෝගීන් වසරකට පන් දහසක් පමණ මෙරටින් වාර්තා වන අතර ඉන් සියයට හැත්තෑපහකගේ රෝග නිධානය හඳුනා ගැනෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර ශී‍්‍ර ලංකාවට ආනයනය කරන පිළිකා ඖෂධ සහ හෘද රෝග සඳහා භාවිත කරන ස්ටෙන්ස් මිල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම ඖෂධ වෙළෙඳපොළේ අලෙවි වන මිල ගණන් සහ මිල අවම කිරීමට ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇත්තේ.  

2020 වසර වනවිට මෙරට දී ඖෂධ නිෂ්පාදනය කිරීමටද සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ වන විටත් එ් සඳහා ඖෂධ සමාගම් 36 ක් ඉදිරිපත්ව තිබෙනවා.