Friday, April 26, 2024

General line - 0115112241

රට මෙහෙයවන්නේ කවුදැයි දැන් සැකයි




බුද්ධි අංශ නිලධාරින් අයථා ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වහාම මැදිහත් වියයුතු බව ශී‍්‍ර ලංකා ජාතික සභාව පවසනවා.

එහි සභාපති, පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරන්නේ බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව තීරණයක් ගැනීමේදී තමන්ව දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඉතා පැහැදිළිව සඳහන් කර ඇති බවයි.

ජනපතිතුමා සහ අගමැතිතුමා නොදැනුවත්ව මේ රට මෙහෙයවන්නේ කවුදැයි යන්න පිළිබඳව ජනතාවට විශාල ප්‍රශ්නයක් මතුව ඇති බවත් සඳහන් කෙරුණා.

බුද්ධි අංශ නිලධාරීන් අයථා ලෙස අත්අඩංගුවට ගැනීම නිසා ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇති වී ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කොළඹ අද (07) පැවැත් වූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළා.