Saturday, April 27, 2024

General line - 0115112241

දිනේෂ්ගේ තැන ඩලස්ට දෙන්න කතානායක බැහැ කියයි - පාර්ලිමේන්තුව යළිත් උණුසුම්




ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන වෙනුවට එහි කණ්ඩායම් නායක ලෙස ඩලස් අලහප්පෙරුම පිළිගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂය විසින් කළ ඉල්ලීම කතානායක කරු ජයසූරිය මහතා විසින් අද (09) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධනට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර ඇති හෙයින් එහි කණ්ඩායම් නායක ලෙස ඩලස් අලහප්පේරම පිළිගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් කතානායකවරයා එයට ඉඩ නොදීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.