Friday, April 26, 2024

General line - 0115112241

රංගන හේරත් ලෝක වාර්තාවක් අබියස




ටෙස්ට් පිටියේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් බිඳ හෙළු වමත් දඟ පන්දු යවන්නා බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් බිහි කිරීමේ ආසන්නයට පැමිණීමට   ශ‍්‍රී ලංකා නායක රංගන හේරත් අද සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉණිමේ දී කඩූලූ 03ක් බිඳ හෙළමින්.

වර්තමානයේ මෙම ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ නවසීලන්තයේ ඩැනියෙල් විටෝරීයි. ඔහු බිඳ හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 362ක්. රංගන හේරත් මේ වනවිට කඩුලූ 360ක් බිඳ හෙළා තිබෙනවා. 

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අද පස්වරුවේ අතරමග නතර කිරීමට ද සිදු වුණා. සිය පළමු ඉණිම ක‍්‍රීඩා කළ බංග්ලාදේශයේ සියලූ දෙනා ලකුණු 312කට දැවී ගියා.