Saturday, April 27, 2024

General line - 0115112241

පුංචි ඡන්දය පමා කරන්නේ පරාජය වහගන්නයි




සීමා නිර්ණ වාර්තාව පදනම් කර ගනිමින් ආණ්ඩුව මැතිවරණ කල් තබමින් සිටින බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ට්ආරච්චි සඳහන් කළේ මැතිවරණ පරාජයන් වළක්වා ගැනීම එහි මූලික අරමුණ වී ඇති බවයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.