Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශයට ලකුණු 457ක ජයග‍්‍රාහි ඉලක්කයක්




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ජයග‍්‍රහණය සඳහා සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 457ක ඉලක්කයක් හිමිව තිබෙනවා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06කට ලකුණු 274ක් රැස් කර සිටියදී සිය දෙවන ඉණිම අද අත්හිටවූවා. 

ශ‍්‍රී ලංකාව පළමු ඉණිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 494ක්.

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉණිම 312කට සීමා වුණා. 

 ලකුණු 457කත ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මිට නොබෝ වේලාවකට පෙර කිසිවකු නොදැවී ලකුණු 64ක් ලබා සිටියා. 

තරගය  පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදියි.