Friday, April 26, 2024

General line - 0115112241

ABට නැවතත් මුල්තැන - ලංකාව පෙනෙනතෙක් මානයේ නෑ




අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අලූතින්ම ප්‍රකාශයට පත් කළ ලොව හොදම එක්දින පිතිකරුවන් දස දෙනා අතරට කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුගේ නමක් එක්වී නැහැ.

 එහි පළමු ස්ථානයට යළි පත්ව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස්. 

ඔහු ගත වූ වසර හතක කාලය තුළ එක්දින පිතිකරුවන් අතර පළමු ස්ථානයට පත්වු දසවන අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්. 
දෙවන ස්ථානය ඕස්ටේ්‍රලියාවේ ඩේවිඩ් වෝනර්ට ද, තුන්වන ස්ථානය ඉන්දියාවේ විරාට් කෝලිට ද හිමිව තිඛෙනවා. 

නවතම වර්ගීකරණයට අනුව  ශ්‍රී ලාංකික පිතිකරුවෙකු සිටින්නේ විසිපස් වන ස්ථානයේයි. 

ඒ, ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස්. ලොව හොදම එක්දින පන්දු යවන්නන් දස දෙනා අතරට ද කිසිදු ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු එක්වී නොතිබීම විශේෂත්වයක්.