Friday, April 26, 2024

General line - 0115112241

සමුද්‍රීය ත්‍රස්තවාදයට ඉක්මණින් පිළිතුරු දිය යුතුයි




ගෝලිය ආර්ථිකයට බලවත් තර්ජනයක් විය හැකි සමුද්‍ර ත‍්‍රස්තවාදය මැඩ පැවැත්විම උදෙසා සියලු රටවල් අත්වැල් බැඳගත යුතු කාලය එළඹ ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති ‘‘2017 ත‍්‍රස්ත මර්දන සමුළුව‘‘ ස්කයිප් තාක්ෂණය ඔස්සේ අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

පසුගිය දශක එකහමාරක කාලය තුළ ගොඩබිම් ත‍්‍රස්තවාදය පරදමින් සමුද්‍ර ත‍්‍රස්තවාදය හිස ඔසවමින් පවතින බවත් අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

බිලියන 03ක ජනතාවක් වෙසෙන ඉන්දීය සාගර කලාපය හරහා ලෝකයේ කන්ටේනර් ප‍්‍රවාහනය කෙරෙන නෞකාවලින් හරි අඩක් ගමන් කරන බවත් මෙය ආසියානු සහ මැද පෙරදිග රටවලට විශාල ආර්ථික ශක්තියක් බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

සමුද්‍ර ත‍්‍රස්තවාදය හේතුවෙන් මෙම ආර්ථික ශක්තියට බලවත් තර්ජන එල්ල වී ඇති බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සාකච්ඡාවෙන්, සහයෝගයෙන් තොරතුරු හුවමාරු කර ගැනීමෙන් සහ විශේෂඥ දැනුම බෙදා හදා ගැනීමෙන් ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ අභියෝගය ජයගත හැකි බව සිය විශ්වාසය වන බවයි අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.